නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

"නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දිවුරුම් දෙයි"

කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පළමු දේවමෙහෙය ඊයේ(09) පස්වරුවේ පවත්වනු ලැබීය.

"කටුවාපිටිය දේවස්ථානය යළි විවෘත වෙයි"

සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බවත් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බවත් ඊයේ (09) අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව තිබෙනවා – අගමැති"

රටේ වත්මන් තත්ත්වය දේශපාලන අරමුණු හෝ ජාතිවාදි අරමුණු වෙනුවෙන් භාවිතයට නොගන්නා ලෙස ජනපති ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාදාමයේ දී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

"රටේ වත්මන් තත්ත්වය දේශපාලන අරමුණු හෝ ජාතිවාදි අරමුණු වෙනුවෙන් භාවිතයට නොගන්නා ලෙස ජනපති ඉල්ලයි"

ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාව එ.ජා. මහලේකම් අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා සියලු දෙනා සාමූහිකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා අවධරණය කරයි.

"ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාව එ.ජා. මහලේකම් අවධාරණය කරයි"

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනයට මාලදිවයින් සහයෝගය

(කොළඹ, ලංකාපුවත්) – දේශසීමා හෝ ආගමික ඉගැන්වීම් නොතකන ගෝලීය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන මෙවන් අවධියක සමස්ත ලෝකයේම ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් සමග ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් (Hon. Abdulla Shahid) මහතා පවසයි.

"ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනයට මාලදිවයින් සහයෝගය"

අන්තවාදී ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදන්න ඉඩ නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

"අන්තවාදී ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදන්න ඉඩ නෑ – ජනපති"

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය ජනපතිගේ නිරික්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත් අපේ‍්‍රල් 21 වනදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (08) පස්වරුවේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

"ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් විනාශයට පත් මඩකලපුව සියෝන් දේවස්ථානය ජනපතිගේ නිරික්ෂණයට"

පටු දේශපාලන භේද පසෙකලා එකමුතුවෙමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව ගෝනි බිල්ලෙකු මවා පෑමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද කළ යුත්තේ පටු දේශපාලන භේද, මතිමතාන්තර පසෙක තබා පවතින නීති රාමුව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සියලු දෙනා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණදීම යැයි අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"පටු දේශපාලන භේද පසෙකලා එකමුතුවෙමු – අගමැති"

සැකකරුවන් සහ චුදිතයින් සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සැකකරුවන් හෝ චුදිත තැනැත්තන් අවශ්‍ය අවස්ථාවන්හි දී පමණක් පෞද්ගලිකව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

"සැකකරුවන් සහ චුදිතයින් සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කෙරේ"