(කොළඹ | ලංකාපුවත්) – NASA ආයතනය විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්‍යේෂණයකට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වන විට ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි NASA’s Johnson Space Center නිවේදනය කර සිටියි.
"අඟහරු ලෝකෙට යන පුහුණුව ශ්‍රී ලංකාවේ පියුමි අරඹයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය විසින් අද (29) නියම කරන ලදී.
"මෛත්‍රීපාල සිරිසේනට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
"වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
"මහ බැංකු පොලී අනුපාත ගැන තීරණයක්"(කොළඹ | ලංකාපුවත්) – අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ.
"අලි මිනිස් ගැටුම පාලනය සඳහා නියමු ව්‍යාපෘති දෙකක්"(කොළඹ | ලංකාපුවත්) – ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"ඉරාන ජනපති – විදෙස් ඇමැති මරුට"(කොළඹ | ලංකාපුවත්) – රුසියානු – යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
"ශ්‍රී ලාංකිකයන් බේරාගන්න දූත පිරිසක් රුසියාවට"(කොළඹ | ලංකාපුවත්) – කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්"(කොළඹ | ලංකාපුවත්) – වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය.
"රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ චූදිතයන් නිදොස් කොට නිදහස්"(කොළඹ | ලංකාපුවත්) – මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
"දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්, ජනපති හමු වෙයි"