ඡන්ද නාමලේඛනයට අභියාචනා ගොනු කිරීම ලබන10වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය සදහා අභියාචනා සහ විරෝධතා ගොනුකිරීම අගෝස්තු මස 10 වන දින සිට සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

"ඡන්ද නාමලේඛනයට අභියාචනා ගොනු කිරීම ලබන10වනදා සිට"

පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඉදිරියේ දී අනිවාර්යයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පුහුණු ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය ඉදිරියේ දී අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එලෙස සිදු නොවන අවස්ථාවල දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නීති සකසන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය

"පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම ඉදිරියේ දී අනිවාර්යයි – අගමැති"

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

(කොළඹ, ලංකාපුවත්) – දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ(30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය.

"උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්"

ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් (International Civil Aviation Organization) 2018 ජුනි මස 04 වන දින සිට 14 වන දින දක්වා සිවිල් ගුවන් සේවා අධිකාරිය තුළ සිදුකළ විගණනයෙන් පසු දෙන ලද වාර්තාව අනුව ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට පත්ව ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය (Minister of Transport and Civil Aviation) නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

"ගුවන් සුරක්ෂිතතාවය අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට"

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සැලැස්ම අඛණ්ඩව – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ග්‍රාමීය ප්‍රදේශ නගාසිටුවීම අරමුණු කර ගනිමින් නව යෝධ සංවර්ධන සැලැස්මක් 2019 / 2020 වසරවල ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සැලැස්ම අඛණ්ඩව – අගමැති"

ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ(29) පෙරවරුවේ මඩු දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය.

"ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී"

උසස් පෙළ උපකාරක පංති සියල්ල හෙට තහනම්

(කොළඹ, ලංකාපුවත්) –මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"උසස් පෙළ උපකාරක පංති සියල්ල හෙට තහනම්"

අධ්‍යාපන පද්ධතිය නවීකරණයට රජය, ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 100ක ගිවිසුමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා රජය ලෝක බැංකුව සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම හා නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන් වෙනුවෙන් ලබා දෙන ඩොලර් මිලියන 100 ක ණය මුදල සඳහා ගිවිසුම අද(25) අත්සන් කරන ලදී.

"අධ්‍යාපන පද්ධතිය නවීකරණයට රජය, ලෝක බැංකුව සමඟ ඩොලර් මිලියන 100ක ගිවිසුමක්"

දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම අරමුණයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

"දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම අරමුණයි – ජනපති"

තායිලන්තයේ වට් සංඝටාන් විහාරස්ථාන යේ දූත පිරිසක් අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි වට් සංඝටාන් (Wat Sannathan) විහාරස්ථානයේ විහාරාධිපති, මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ ඇතුලු දූත පිරිස ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

"තායිලන්තයේ වට් සංඝටාන් විහාරස්ථාන යේ දූත පිරිසක් අගමැති හමුවෙයි"