සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් නොපමාව ඉටුකරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි.

"සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් නොපමාව ඉටුකරනවා – ජනපති"

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ හෙද දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර හෙද දිනය සමරමින් රජයේ හෙද නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කළ හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

"රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ හෙද දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි"

19වනදා විශේෂ රථවාහන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රණවිරු අනුස්මරණ දිනය වෙනුවෙන්හෙට(19) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

"19වනදා විශේෂ රථවාහන සැලැස්මක්"

රාමසාන් උපවාසය සිකුරාදා – කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – සිකුරාදා (18) අළුයම සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ.

"රාමසාන් උපවාසය සිකුරාදා – කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයෙන් නිවේදනයක්"

විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (16) පස්වරුවේ විවෘත කෙරිණි.

"විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය විවෘත කෙරේ"

ඉන්ධන වංචාවකින් කෝටියක පාඩුවක් – ඇමැති අර්ජුන පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩවුක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

"ඉන්ධන වංචාවකින් කෝටියක පාඩුවක් – ඇමැති අර්ජුන පවසයි"

බස් වර්ජනය අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) –ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරයි.

"බස් වර්ජනය අත්හිටුවයි"

බස් වර්ජනයට ලංගම මුහුණ දීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.

"බස් වර්ජනයට ලංගම මුහුණ දීමට සූදානම්"

කෘෂි පරිවර්තනයකට රජය කැපවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ලෝකයේ සිදුවන කෘෂි පරිවර්තනයට ශ්‍රී ලංකාව එක්කිරීමට රජය කැපවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"කෘෂි පරිවර්තනයකට රජය කැපවනවා – අගමැති"

මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සියලු අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහබංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපතිතුමා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි.

"මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක්"