(කොළඹ | ලංකාපුවත්) – දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීම තුළින් තවත් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වෙනවා"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් මහතා අතර හමුවක් ඊයේ (14) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
"ශ්‍රී ලංකාවේ ඩෙන්මාර්ක ආයෝජන වැඩි කිරීමට පියවර"(කොළඹ | ලංකාපුවත්) – සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ අනාගත අවස්ථාවන් හා එම ක්ෂේත්‍රයේ කාලීන තොරතුරු පිළිබඳ පාසල් සිසුන් දැනුවක් කරමින් අනාගතයේ එම ක්ෂේත්‍ර වලට යොමුකිරීම සඳහා වූ මූලික අඩිතාලමක් දැමීම උදෙසා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම අද(14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදුවිය.
"ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව පාසැල් සිසුන්ට පුහුණුවක්"(කොළඹ | ලංකාපුවත්) – සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.
"සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට සාකච්ඡා"(කොළඹ | ලංකාපුවත්) – 2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 41කින් ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"2024 අය වැය වැඩි ඡන්ද 41කින් සම්මතයි"(කොළඹ | ලංකාපුවත්) – බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩනැඟීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් මගක් නොමැති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවත කඩාවැටෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
"රට ගොඩනැඟීමට ආණ්ඩුව යන මග හැර වෙනත් මගක් නැහැ"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමදුල ශ්‍රී ලංකාවට දෙවවන ණය වාරිකය ලෙස අමෙරිකා ඩොලර් මිලියන 337ක මුදලක් අනුමත කළේය.
"මාර්තු සහ අප්‍රේල් අතර IMF නියෝජිතයින් යළි දිවයිනට"(කොළඹ | ලංකාපුවත්) – 2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.
"අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබේ.
"දෙවැනි ණය වාරිකය අනුමත බව IMF නිල වශයෙන් නිවේදනය කරයි"(කොළඹ, ලංකාපුවත්) – අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාර දී ඇත.
"අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි"