පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ ඉතා පැහැදිලි ලෙස සිදුවනවා – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – පිළියන්දල දී පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉතා පැහැදිළි ලෙස සිදු කරමින් සිටින බවත් සම්පූර්ණ ජාවාරම් ජාලය අනාවරණය කරගැනීමේ මෙහෙයුම් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

"පිළියන්දල වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ ඉතා පැහැදිලි ලෙස සිදුවනවා – ඇමති සාගල"

රජය සෑම විටම පොදු මහජනතාවට සාධාරණත්වය ඉටු කරනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රජය සෑම විටම කටයුතු කරන්නේ පොදු මහජනතාවට සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රජය සෑම විටම පොදු මහජනතාවට සාධාරණත්වය ඉටු කරනවා – ජනපති"

ජනපති හෙට ඕස්ට්‍රේලියා රුක්රෝපණ මධ්‍යස්ථානයට යයි

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියා නිල රාජ්‍ය සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (24) පෙරවරු‍වේ ඕස්ට්‍රේලියා ජාතික රුක්රෝපණ මධ්‍යස්ථානය නිරීක්ෂණය ඇතුළු වැඩ සටහන් රාශියකට සහභාගිවීමට නියමිතය.

"ජනපති හෙට ඕස්ට්‍රේලියා රුක්රෝපණ මධ්‍යස්ථානයට යයි"

නව ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම දින 05ක් තුළ දී

(කොළඹ, ලංකාපුවත්) – නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂය පථයන් ඉදිරි දින 05 ඇතුළත ගැසට් කිරීමට රජය තීරණය කර ඇත.

"නව ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම දින 05ක් තුළ දී"

UPDATE : මැන්චෙස්ටර් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – එංගලන්තයේ මැන්චෙස්ටර්හි ‘මැන්චෙස්ටර් අරීනා’ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පිපිරීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තවත් 59 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"UPDATE : මැන්චෙස්ටර් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට"

හිටපු ජනපති ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියට කූඨ ලෙස සකස් කරන ලද මුදල් තොගයක් ලබාදුන් විත්තිකරුට වසර පහකට අත්හිටවූ වසර දෙකක සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් අද (22) නියම කර ඇත.

"හිටපු ජනපති ප්‍රේමදාසගේ දියණියට ලක්ෂ 20ක වන්දියක්"

කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය

(කොළඹ, ලංකාපුවත්) – කැබිනට් මණ්ඩල සංශෝධනය මේ වනවිට සිදු කර අවසන් කර ඇත. ඒ අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට හිමිව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ රවී කරුණානායක මහතාටය.

"කැබිනට් මණ්ඩල සංශෝධනය වෙයි – නව ඇමති මණ්ඩලය"

උතුරට විශාල බදු සහනයක් දෙන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – පළමුවෙන්ම උතුරේ සංවර්ධන කටයුතු ආරම්භ කර යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

"උතුරට විශාල බදු සහනයක් දෙන බව අගමැති පවසයි"

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභිනව ශික්ෂණ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (21) විවෘත කෙරිණි.

"කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහල ජනපති අතින් විවෘත කෙරේ"