අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු අද(13) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

"අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට"

හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කරයි

(කොළඹ, ලංකාපුවත්) –විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම හෙට (14) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

"හෙට සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කරයි"

කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වනවා

(කොළඹ, ලංකාපුවත්) –කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වන බවත්, ලෝකය කැරකීම නතර වුව හොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වනවා"

පොහොට්ටුවේ රැළි තාවකාලිකව අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන 13,14,15 පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ප්‍රචාරක රැළි තාවකාලිකව නවත්වා ඇත.

"පොහොට්ටුවේ රැළි තාවකාලිකව අත්හිටුවයි"

පුස්කොළ පොත් සංරක්‍ෂණ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – විධිමත් රාජ්‍ය මැදිහත්වීමක් තුළ පුස්කොළ පොත් සංරක්‍ෂණය, ලේඛනගත කිරීම සහ අංකිතකරණය (Digitization) සදහා බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය එක්ව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"පුස්කොළ පොත් සංරක්‍ෂණ වැඩසටහනක්"

රාඩා නඩුවෙන් ටිරාන්ට නිදහස

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ මහාධිකරණය විසින් 2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස අද (10) නියෝග කර තිබේ.

"රාඩා නඩුවෙන් ටිරාන්ට නිදහස"

වැල්ලවායේ දරුණු රිය අනතුරක් – තිදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවාය – මොණරාගල මර්ගයේ වරුණගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

"වැල්ලවායේ දරුණු රිය අනතුරක් – තිදෙනෙක් මරුට"

සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසේ

(කොළඹ, ලංකාපුවත්) –දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

"සියලු බන්ධනාගාර අමුත්තන්ට වැසේ"

දෙනවක ගඟෙන් මළ සිරුරු දෙකක් හමුවේ

(කොළඹ, ලංකාපුවත්) – පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

"දෙනවක ගඟෙන් මළ සිරුරු දෙකක් හමුවේ"

රාජකාරිය පැහැර හරින නිළධාරින්ට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය දෙහි කපයි

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත ආරක්ෂා කර ගැනීම නිළධාරින් සතු වගකිමක් බවත් එසේ නොකරන නිළධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට තමන් පසුබට නොවන බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

"රාජකාරිය පැහැර හරින නිළධාරින්ට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය දෙහි කපයි"