රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දහන් කරයි.

"රජය සියලු කටයුතු සිදුකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීමට බව අගමැති පවසයි"

තුනී පොලිතින් භාවිතය තහනම් කිරීමට කැබිනට් අවසරය

(කොළඹ, ලංකාපුවත්) – තුනී පොලිතින් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා හා මධ්‍යම පරිසර අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමි වී තිබේ.

"තුනී පොලිතින් භාවිතය තහනම් කිරීමට කැබිනට් අවසරය"

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රට යෑම තහනම්

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සැකකරු ලෙස නම් කළ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතාගේ විදෙස් ගමන් මින් පෙර අධිකරණය විසින් තහනම් කර තිබුණි.

"හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රට යෑම තහනම්"

නාවික හමුදාව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගනී

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) උදෑසන කෝකිලායි ප්‍රදේශයට අයත් කෝක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගැනීමට සමත් විය. මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත. පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික…

"නාවික හමුදාව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙකු බේරා ගනී"

රිය අනතුරුවලින් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම මිය යන්නේ තරුණ පිරිමි

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග රිය අනතුරුවලට බහුලව ලක් වන්නේ තරුණ පිරිමි අය බවත් රිය අනතුරු පාලනය කිරීමට සියලු අංශ එකතු වූ කාර්යසාධක බලකායක අවශ්‍යතාවය පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ, මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.

"රිය අනතුරුවලින් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම මිය යන්නේ තරුණ පිරිමි"

ජනමාධ්‍ය නියාමන කොමිසම පනත් කෙටුම්පත සැකසීමට ඇමැති මණ්ඩල අනුකමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනමාධ්‍ය නියාමන කොමිසම පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට ඇමැති මණ්ඩල අනුකමිටුවක් පත්කර ඇත.

"ජනමාධ්‍ය නියාමන කොමිසම පනත් කෙටුම්පත සැකසීමට ඇමැති මණ්ඩල අනුකමිටුවක්"

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව ජංගම දුරකතනයට

(කොළඹ, ලංකාපුවත්) – රජයේ දින සියයේ වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූ ගැබිනි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලබා දීමේ ව්‍යාපෘතිය ඉදිරි කාලය තුළ දී මව්වරුන්ගේ ජංගම දුරකතනයට ලැබෙන ඩිජිටල් මුදල් වවුචරයක් මගින් ක‍්‍රියාත්මක කරවීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිතය.

"ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව ජංගම දුරකතනයට"

රථවාහන වැරදි සඳහා දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) – මාර්ග නිති උල්ලංඝනයේදී අයකරන දඩ මුදල් වැඩිකිරීමේ සාධාරණත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සැපයීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ඊයේ(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

"රථවාහන වැරදි සඳහා දඩ මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට"

හිටපු හමුදා ලොක්කන් හතරක් හිරේ යවන්න ගෝඨා සාක්ෂි දෙයි

(කොළඹ, ලංකාපුවත්) – හිටපු හමුදාපතිවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ නිලධාරියකුට එරෙහිව සාක්ෂි ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බරපතල වංචා දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ(10) දිව්රුම් පෙත්සමකට අත්සන් තබා ඇත.

"හිටපු හමුදා ලොක්කන් හතරක් හිරේ යවන්න ගෝඨා සාක්ෂි දෙයි"

ජනපති බංග්ලාදේශ නිල සංචාරයකට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචරයක් සදහා ලබන 13වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

"ජනපති බංග්ලාදේශ නිල සංචාරයකට සූදානම්"