පිළියන්දල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කුඩා දැරිය මියයයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට පිළියන්දල – මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

"පිළියන්දල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කුඩා දැරිය මියයයි"

ඉදිරි පැය 24 දී දැඩි සුළං, අධික වැසි හා මුහුද රළු වෙයි – කාලගුණයෙන් දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පැය 24 තුළ දී දැඩි සුළං, අධික වැසි සහ මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගැනීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

"ඉදිරි පැය 24 දී දැඩි සුළං, අධික වැසි හා මුහුද රළු වෙයි – කාලගුණයෙන් දැනුම් දීමක්"

කොළඹට තද වැස්ස – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ හා තදාසන්න ප්‍රදේශ රැසක දැඩි රථ වාහන තද බදයක් පවතින බව වාර්තා වනවා. ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම රථ වාහන තදබදය ඇතිවී තිබෙන බව පොලිසිය සදහන් කළේය.

"කොළඹට තද වැස්ස – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්"

UPDATE : වැල්ලවත්තේ අනතුරින් තුවාල ලැබූ ගණන 21ක් වෙයි – වැඩිදෙනා කම්කරුවන්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

"UPDATE : වැල්ලවත්තේ අනතුරින් තුවාල ලැබූ ගණන 21ක් වෙයි – වැඩිදෙනා කම්කරුවන්"

අන්තරේ විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් 08ක් රිමාන්ඩ්

(කොළඹ, ලංකාපුවත්) – මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ(17) සිදුකළ විරෝධතා පා ගමනේදී අත්අඩංගුවට පත් හිමි නමක් ඇතුළු අට දෙනෙක් හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

"අන්තරේ විරෝධතාවේ දී අත්අඩංගුවට ගත් 08ක් රිමාන්ඩ්"

ඊශ‍්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටින්නන් හේතුවෙන් රැකියා අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ඊශ‍්‍රායලයේ රැකියාවට ගොස් සිය ගිවිසුම්ගත කාලය ඉක්මවීමෙන් පසු නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයින් හේතු කොටගෙන ඊශ‍්‍රායල් රැකියා අවදානමක් ඇතිවී තිබෙන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

"ඊශ‍්‍රායලයේ නීතිවිරෝධීව රැඳීසිටින්නන් හේතුවෙන් රැකියා අවදානමක්"

අද – හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) –අද (18) සහ හෙට (19) දෙදින තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර ඇත.

"අද – හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්"

බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්

(කොළඹ, ලංකාපුවත්) – බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත.

"බත්තරමුල්ල අවට රජයේ කාර්යාල සඳහා සහන කාර්යාල වේලාවක්"

යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ සහාය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාසල් හා විශ්ව විද්‍යාල මට්ටමින් භෞතික විද්‍යා අධ්‍යාපනය නගා සිටුවීම සහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානය (CERN) සමඟ සහයෝගීතාවන් සවිමත් කර ගැනීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කමිටුවක් ස්ථාපනය කරන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

"යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ සංවිධානයේ සහාය ශ්‍රී ලංකාවට"

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමකට එයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජය සහ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ(16) ආරක්ෂක අමාත්‍යංශයේදී සිදු කෙරුණි. මෙම ගිවිසුම මගින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරේ.

"ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සමුද්‍රිය ආරක්ෂක පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමකට එයි"