නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රමිකයින්ට ජනපති අතින් සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – “අභිමානී 2017 – දැයක් නගන පරපුර වෙත නගමු හරසර” යන තේමාව යටතේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයින්ගේ සේවය අගයා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදුවිය. නාගරික ජනාවාසවල වෙසෙන හැටදහසක ජනතාවට ස්ථීර නිවහන් ලබාදීම නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

"නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ සේවය කරන ශ්‍රමිකයින්ට ජනපති අතින් සම්මාන"

රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇතැයි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේ  මේ බව සඳහන් කළේ ගොඩකවෙල කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (30) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

"රටේ ආර්ථිකය පැරණි ණය වලින් යටවී ඇතැයි අගමැති කියයි"

රේණුකා හේරත්ගෙන් හිස්වු පුටුව අශෝක හේරත්ට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන්ම මධ්‍යම පළාත් විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්තවීමෙන් හිස් වූ මධ්‍යම පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීධූරයට අශෝක ප්‍රියන්ත බණ්ඩාර හේරත්මහතා පත් කර තිබේ.

"රේණුකා හේරත්ගෙන් හිස්වු පුටුව අශෝක හේරත්ට"

රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3ක ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපළේදී සොයාගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපල රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානය තුළ තිබී මෙලෙස හෙරොයින්  සොයාගෙන ඇත.

"රු.මිලියන14ක හෙරොයින් කටුනායක ගුවන් යානයකින්"

විමල් වීරවංශ උපවාසය අවසන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වනදා සිට ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අවසන් කර තිබේ. ආහාර වර්ජනය නිසා  මන්ත‍්‍රීවරයා ඊයේ(29) බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අතුලත් කරන ලදී.

"විමල් වීරවංශ උපවාසය අවසන් කරයි"

උත්සව සමයේ වෙළදසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල්, හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරනු ඇත.

"උත්සව සමයේ වෙළදසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්"

ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා

(කොළඹ, ලංකාපුවත්) – විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring  මහත්මිය පවසයි. අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.

"ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා"

දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 ඡන්ද හිමි නාමලේඛනයට අනූව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව බදුල්ල දිස්ත්‍රික්කයේ 9ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා අඩුවන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩිවී ඇත.

"දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්"

බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"

රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය යුද සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

"රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කරන්න සූදානම් නෑ – ජනපති"