ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල අධික ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකිරීමට පියවර

(කොළඹ | ලංකාපුවත්) –  ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබිම හේතුවෙන් ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් සාධනිය පියවර මත එම ගුවන් ටිකට්පතක මිල ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වි තිබේ.

"ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකල අධික ගුවන් ටිකට්පත් ගාස්තු අඩුකිරීමට පියවර"

උසස් පෙළ විභාගය කල් යන්නෑ

(කොළඹ | ලංකාපුවත්) – 2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

"උසස් පෙළ විභාගය කල් යන්නෑ"

නැගෙනහිර පළාතට චීනයෙන් රු. මිලියන 08ක්

(කොළඹ | ලංකාපුවත්) – කොළඹ චීන තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට රු. මිලියන 08ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

"නැගෙනහිර පළාතට චීනයෙන් රු. මිලියන 08ක්"

අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදු කෙරිණි.

"අමාත්‍යාංශ නව ලේකම්වරු පත්කෙරේ"

10වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය චාම්ව සිදුකිරීමට උපදෙස්

(කොළඹ | ලංකාපුවත්) –  දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

"10වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය චාම්ව සිදුකිරීමට උපදෙස්"

ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා -ජනපති කියයි

(කොළඹ | ලංකාපුවත්) – ලැබී ඇති අසීමිත බලය ආණ්ඩුව කොතැනකට මෙහෙයවනු ඇතිදැයි පුංචි හෝ සැකයක් ඇති වී තිබෙන අයෙක් ඇත්නම් ඒ සැකය දුරු කර ගන්නා ලෙසත් ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය හැකි අයුරු මා හොඳින් දන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

"ලැබී ඇති බලයේ සීමා මායිම් සහ බලය හැසිර විය යුතු හැටි මා හොඳින් දන්නවා -ජනපති කියයි"

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි

(කොළඹ | ලංකාපුවත්) –  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ, 2024 නොවැම්බර් 18 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

"විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි"