බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන ජුනි 08 වනදා බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

යුරෝපයෙන් ඉවත්වීම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව සිය ගමන් මග පිළිබඳ නිශ්චිතභාවය, දේශපාලන ස්ථාවරභාවය සහ ශක්තිමත් නායකත්වය මේ මොහොතේ බ්‍රිතානයට අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කර තිබේ.

ඩවුනින් වීදියේ අගමැති නිල නිවස ඉදිරිපස දී කෙටි නිවේදනයක් කරමින් බ්‍රෙක්සිට් ජනමත විචාරණය පිළිබඳව සඳහන් කළ අගමැතිනිය, එයින් අනතුරුව රට යළි එකමුතු වෙමින් තිබෙන නමුත් පාර්ලිමේන්තුවේ එවැනි එකමුතුවක් නොමැති බව සඳහන් කර ඇති අතර කොන්සර්වේටිව් – ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියක් ප්‍රකාර හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බැවින් අගමැතිනිගේ යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් බදාදා (අප්‍රේල් 18) පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *