එජාපයේ මැයි රැළියට කිසිදු රාජ්‍ය දේපළක් බැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළියට කිසිදු රාජ්‍ය දේපලක් , රජයට අයත් සම්පත් හෝ රජයේ නිලධාරින් යොදවා නොගන්නා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින රැළියේ සංවිධායක කමිටුවට උපදෙස් දී තිබේ.

එසේ ම මැයි දින රැළිය සඳහා ආසන මට්ටමෙන් කරන ප්‍රචාරක කටයුතු සඳහාද රාජ්‍ය දේපල සහ සම්පත් යොදවා ගැනීම අගමැතිවරයා විසින් තහනම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

දිනන ජනතාවගේ මැයි දින රැළිය යන තේමාව යටතේ කොළඹ කැම්බල් පිටියේදී එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *