හින්දි සිනමා නළු විනෝද් ඛන්නා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) –1970 සහ 1980 දශකයන්හි හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය නළුවකු වූ විනෝද් ඛන්නා මිය යයි.

ඊයේ(27) මිය යන විට ඔහු 70 වැනි වියේ පසුවු බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කලක සිට රෝගාතුරුව සිටි ඔහු පිළිකා රෝගයට ගොදුරුව රෝහල් ගතකර සිටියේය.

විනෝද් ඛන්නා 1968 වසරේ බොලිවුඩ් සිනමාවට පිවිසෙමින් චිත්‍රපට 100කට අධික සංඛ්‍යාවකට ද දායක වී තිබේ. සිව් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විනෝද් ඛන්නා ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ඇමතිවරයකු ලෙස ද කලක් ක්‍රියාකර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *