සිරියා සරණාගත කඳවුරකට එල්ල වූ අයි එස් ප්‍රහාරයකින් 37ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තයින් සිරියාවේ ඊසාන දිග දේශසීමාව අසල සරණගත කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ප්‍රහාරයෙන් පුද්ගලයින් තිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ.

හසාකා පළාතේ ෂඩාඩි නගරයට ආසන්න රජීම් අල් සලීබි ප්‍රදේශයේ කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

ත්‍රස්තයින් ඒ අසල සිටි සිරියානු ආරක්ෂක හමුදා නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන තිබේ. ෂඩාඩි නගරයේ සැඟවී සිටින තම සංවිධානයෙන් පලා ගිය සාමාජිකයකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව අයි එස් ත්‍රස්ත සංවිධානය ප්‍රකාශ කර ඇත.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කුර්දි සටන්කරුවන්ද සිටින බව වාර්තාවේ. අමෙරිකාවේ සහ ඉරාක මිත්‍ර හමුදාවේ සහය ලබන සිරියානු හමුදාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ අයි එස් ත්‍රස්තයින් දැඩි පීඩනයකට ලක්ව සිටින බව සඳහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *