කසළ බැහැර කරන ස්ථාන මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්‍ෂාවකට

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතන විසින් කැළි කසළ බැහැර කරන ස්ථාන පිළිබඳ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණයකර ඇත.

ලබන මස 05වනදාට යෙදෙන ලෝක පරිසර දිනයට සමගාමීව දීප ව්‍යප්තව මෙය සිදු කෙරෙන බව එම අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර මහතා පැවසීය.

එම පරීක්ෂාවේදී අවධානය යොමු කරන කරුණු කිහිපයක් වේ.

ඒ අනුව එම ස්ථාන හරහා පැන නැගී ඇති පාරිසරික ගැටළු, පසේ තත්ත්වය, පිටවන වායූන් පිළිබඳ, අපජලයේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *