ආපදා සහන සේවා සාර්ථකව ක්‍රියාත්මකයි – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය තුළ සහන සේවා කටයුතු නිසි ලෙස කළමනාකරණය කරමින් විශාල මෙහෙවරක් සිදු කිරීමට හැකි වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

කොළඹ ඊයේ(30) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තම ජීවිත පවා පරදුවට තබා ත්‍රිවිධ හමුදාව, පොලීසිය රාජ්‍ය නිලධාරින් මෙම සහන සේවා කටයුතුවල නිරත වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඇමතිවරයා කියා සිටියේ තම පවුලේ සමාජිකයන් අවතැන් කඳවුරේ සිටියදී සහන සේවාවල යෙදුණු නිලධාරීන් දක්නට ලැබුණු බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *