සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් (14) අවසන්වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඒ අනුව මෙවර විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් සිය අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ය.

පෞද්ගලික අයදුම්කරුවන් නියමිත විභාග ගාස්තු තැපැල් කාර්යාලයකට ගෙවා ලබාගත් කුවිතාන්සිය අදාළ ස්ථානයේ අලවා, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු වේ.

නියමිත දිනට පසුව එවන ලද අයදුම්පත් භාර නොගන්නා බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *