ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම බැක්ටීරියාව මගින් ඩෙංගු මදුරුවාගේ විෂ අඩු කිරීමේ හැකියාවක් පවතී. එය දැනට වියට්නාමය, ඉන්දුනිසියාව වැනි රටවල අත්හදා බලා ඇත.

මෙම බැක්ටීරියාව කෘෂිකර්ම කටයුතුවලට ද යොදා ගනු ලබන බව ඒ පිළිබද පර්යේෂණ කළ ඕස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්ව විද්‍යාලය සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ මෙම පරීක්ෂණ ආරම්භ කිරිමට එම විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන අතර, එය සාර්ථක වුවහොත් සෑම ප්‍රදේශයකටම බැක්ටීරියාව ඇතුළ් කර ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක හසිත තිසේරා මහතා පැවසීය.

මේ පිළිබද සාකච්ඡා කිරිම සදහා ලබන මස ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිමට ද නියමිතය. නව තාක්ෂණය ක්‍රියාත්මක කිරිම තුළින් ඩෙංගු මදුරු මර්දන කටයුතු කඩිනම් කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *