ගෝඨාභය දේශපාලනයට එන්නේ නැතිලු

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරියේදි හෝ දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් තමන් තුළ නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කර ඇත.

මහනුවර දී හමුවූ මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජපක්‍ෂ මහතා මේ බව පවසා තිබේ.

තම පරම්පරාවෙන් පරම්පරා තුනක්ම දේශපාලනයේ නිරතව සිටියදි තමන්ට එසේ දේශපාලනයට පිවිසීමට අවශ්‍ය නොවන බවත් කියා සිටින ඔහු පෙන්වා දෙන්නේ රටට වැදගත් නායකයෙකු පත් කර ගන්නේ නම් ඔහු යටතේ සේවය කිරීමට තමන් සූදානම් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *