අමෙරිකානු ගුවන් හමුදා යානයක් කඩා වැටීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව යානයේ ගමන් ගත් මගීන්ගෙන් එක් අයෙකු හෝ ජීවතුන් අතර නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් යානය තුළ සිවිල් වැසියන් සිටියේ ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීඹට සමත්ව නොමැත.

මිසිසිපි හදිසි කළමණාකරන ආයතනයේ ඒජන්සියේ අධ්‍යක්‍ෂ ලී ස්මිත්සන් පැවසුවේ මිය ගිය බොහෝ දෙනෙක් මැරීන් භටයන් බවය.

නිදහස ආරක්ෂා කිරීම සදහා හමුදා සාමාජිකයින් නිරන්තරයෙන් අවදානමට ලක්වන බව මිසිසිපි ප්‍රාන්තයේ ආණ්ඩුකාර ෆිල් බ්‍රයන්ට් ප්‍රකාශ කර ඇත.

මෙම අනතුරට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නෙමැත.

අනතුරට පත් වූ යානය වැඩිවශයෙන් භාවිත කර ඇත්තේ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *