රජයේ සේවකයින් හා කලාකරුවන් සඳහා නිවාස 500ක්

(කොළඹ, ලංකාපුවත්) – ”නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය” යටතේ අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර පහක භූමියක ඉදිකෙරෙමින් පවතින ඒකක 500කින් යුත් මහල් නිවාස සංකීර්ණයේ නිවාස මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයින්,සාමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.

රුපියල් මිලියන 4-5 අතර මුදලකට මිල කළ හැකි මෙම නිවාස පුවත්පත් දැන්වීම් අම්ම්න්ගින් අයදුම්පත් කැඳවා ඉහත කී පිරිස් වෙත අලෙවි කළ යුතු බවට මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කළ බව අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *