ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට 19යෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 19යෙන් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර ඇත.

ලබන 09වනදා සිට 20වනදා දක්වා තරගාවලිය මැලේසියාවේ දී පැවැත්වේ.

44 දෙනෙකුගෙන් යුත් සංචිතයකින් තරගාවලියට ඉදිරිපත් වන පිරිස තෝරා ගෙන ඇත.

කමිදු මෙන්ඩිස් නායකත්වය දරන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස නම්කර ඇත්තේ ජෙහාන් ඩැනියෙල් ය.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියා කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන්නේ බී කාණ්ඩය යටතේය.

මෙම කාණ්ඩයට ටෙස්ට් වරම් දිනා ඇති රටක් ලෙස ඇතුලත්ව ඇත්තේ පාකිස්තානය පමණි. සමස්ත තරගාවලියට රටවල් 08ක් තරගවැදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *