ගෝඨාභයගේ විරෝධතා අධිකරණය ඉවත දමයි

(කොළඹ, ලංකාපුවත්) –ඇවන්ගාඩ් සමාගමට ලාභ ගෙනදෙන අයුරින් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාලව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකළ මූලික විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට සැකකරුවන්කට චෝදනා එල්ලවී තිබේ.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේය. ඒ අනුව පෙබරවාරි 26 හා මාර්තු 26 යන දිනවල නඩුව විභාගයට ගැනීමට නියමිතය.

චෝදනා දහනවයකින් යුත් චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විත්තිකරුවන්ට භාරදීම ද සිදුවිය. මෙම නඩුවේ දෙවන විත්තිකාරිය වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති නමැත්තිය නොමැතිව නඩුව විභාග කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *