කෙන්යාවේ ජනපති ලෙස උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – කෙන්යාවේ ජනාධිපතිවරයා ලෙස උහුරු කෙන්යාටා දෙවනවරටත් දිවුරුම් දෙනු ලැබීය.

සිය දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියාසිටියේ පාලන කටයුතු සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගැනීමට බලාපොරොත්තුවන බවය.

අක්‍රමිකතා හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමඟ යළිත් වරක් ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවිය. එහිදී ඔහුට 98%ක මනාප ප්‍රතිශතයක් ලබාගැනීමට හැකිවූ බව සඳහන්ය.

කෙන්යාටා 2013 වසරේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ.

දිවුරුම්දීම අතරතුර පොලීසිය සහ විපක්ෂ කණ්ඩායම් අතර ගැටුම් හටගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *