පුද්ගලයින් 23ක් අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

අමාත්‍යවරයා මේවන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු සදහන් කළේය.

යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ජිවිත හානි 4ක් වාර්තා වී තිබේ.

එසේම ධීවර යාත්‍රා 04ක් ද අතුරුදන්ව ඇත. ධීවර කටයුතුවල නිරතව සිටියදී අතුරුදන්ව ඇතැයි වාර්තා වී ඇති ධිවරයින් සෙවීමේ කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි උපදෙස් දී ඇත.

ධීවර අමාත්‍යංශයේ ක්‍රියාත්මක යාත්‍රා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට සහ සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට වාර්තා වන ධීවර යාත්‍රා අතුරුදන් වීම් හෝ හානි පිළිබඳව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම නාවික හමුදාව සමග එක්ව ධීවර ජනතාව මුදාගැනීමේ කටයුතු කඩිනමින් සම්බන්ධීකරණය කිරීමට මෙලෙස උපදෙස් දි තිබේ.

මීගමුවේ සිට මුහුදු සැතපුම් 35 පමණ දුරින් අද අලුයම 4ට පමණ මාරියා 4 නමැති බහුදින ධීවර යාත්‍රාව පෙරළී අනතුරක් සිදුවී ඇති අතර එහි සිටි ධිවරයි 4 දෙනා කිසිදු අනතුරකින් තොරව බේරාගෙන ගොඩබිමට රැගෙන එමින් සිටී.

එමෙන්ම දෙවිනුවර ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගිය TLE 0334 දරණ යාත්‍රාව කහදමෝදර මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක් වී තිබේ. එහි සිටි ධිවරයින් 05 දෙනෙකු ද බේරාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *