යූත් විත් ටැලන්ට් තරගය සඳහා 60000කට අධික පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – යූත් විත් ටැලන්ට් තරගය සඳහා තරගකරුවන් සහ තරගකාරියන් 60000කට අධික පිරිසක් එක්ව සිටි බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සදහන් කළේය.

එහි අවසන් තරගය මාර්තු මස 10 වන සෙනසුරාදා රාත්‍රී 7.00ට ආරම්භ වේ.

දිශානතීන් දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වූ මෙම තරගය පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා මෙසේ අදහස් පළ කරන ලදි.

“රටේ ඉන්න සමස්ථ තරුණ ප්‍රජාවගේ සුවිශේෂී හැකියාවන් හදුන්වා දීමයි ජාතික තරුණ සේවා සභාවත් – අයි ටී එන් මාධ්‍ය ජාලයත් මේ වැඩසටහන නිර්මාණය කර තිබෙන්නේ.
තරුණ තරුණියන් 60‍000කට වැඩි පිරිසක් මේ තරගය සදහා සම්බන්ධ වෙනවා.
එහි අවසන් තරගය මාර්තු මස 10 වන සෙනසුරාදා රාත්‍රී 7.00ට ආරම්භ වනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *