නව දේශිය ආදායම් පනත ලබන මස පළමුවෙනි දින සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – නව දේශිය ආදායම් පනත ලබන මස පළමුවෙනි දින සිට ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පනත පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

21 වන සියවසට ගැලපෙන පරිදි නව දේශිය ආදායම් පනත සකස්කර ඇති බව මංගල සමරවීර මහතා සදහන් කළේය. සෘජු සහ වක්‍ර බදු අතර දැනට පවතින සියයට 18 / 82 අනුපාතය සියයට 60 / 40 දක්වා ගෙන ඒම නව පනතේ ඉලක්කය වේ.

එමගින් අඩු ආදායම් ලාභීන්ට සහන රැසක් හිමිවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *