අප්‍රේල් මුල් සතියේ එජාපයේ ප්‍රතිසංවිධානයක්

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අප්‍රේල් මුල් සති දෙක ඇතුළත සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අංශු මාරසිංහ මහතා පැවසීය.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද(27) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

පක්ෂයක් ලෙස ඉදිරියේ දී ශක්තිමත්ව ඉදිරියට යාමට මෙම ප්‍රතිසංවිධාන කාර්යයන්, අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කළේය. ඒ අනූව, පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියාකිරීමට පක්ෂ නායකත්වය ඇතුළු සියලු දෙනා සූදානම් බව කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාස භංගය අගමැතිවරයා ඉලක්ක කළ ද එහි දිශානතිය මුළු රජය වෙතටම යොමුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනූව, පක්ෂයක් ලෙස සහ රජයක් ලෙස එයට ශක්තිමත්ව මුහුණ දෙන බව ද ඔහු කියා සිටියේය. විශ්වාස භංගය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව ඇති බව ද ඔහු පෙන්වා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *