සැඩපහරට හසුවූ පිරිස බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල් ජල පහරට හසුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙක් ගංවතුරට හසුවී ගසා ගොස් අතුරුදන්ව තිබේ.

119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව ගංවතුරට කොටුවී සිටි පිරිසක් බේරා ගැනීමට මාදම්පේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් පිරිසක් පිටත්ව ගොස් ඇත.

එම අවස්ථාවේදී 29 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයා ජල පහරට හසුවී අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *