ට්‍රම්ප් – උතුරු කොරියා නායකයා විස්තීර්ණ ලියවිල්ලකට අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික හමුවෙන් පසු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ‘විස්තීර්ණ’ ලියවිල්ලකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින් අමෙරිකා ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව පැවැත්වුණද ඔවුන් දෙදෙනා අත්සන් තබන ලද ලියවිල්ලේ අන්තර්ගතය සම්බන්ධයෙන් කිසිදු සවිස්තර විස්තරයක් මාධ්‍යයට ඉදිරිපත් වී නොමැත.

මෙම ඓතිහාසික හමුවත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේද නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති අතර ඊසාන දිග ආසියාවේ ආරක්ෂක භූ දර්ශනයට ද වෙනස්කම් ගෙනෙනු ඇත. හිටපු අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන් 1972 වසරේදී බීජිං නුවරට ගමන් කිරීම පමණක් හේතු කරගෙන චීන පරිවර්තනය ආරම්භ විය.

රිචඩ් නික්සන්ගේ නිල සංචාරයත් සමඟ වසර 25කට ආසන්න කාලයක් දෙරට අතර නොතිබුණු සන්නිවේදන හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති විය.

ලියවිල්ලට අත්සන් තැබීමට පෙර එය ‘විස්තීරණ ලිපියක්’ එසෙත් නැතිනම් පුළුල් කරුණු ඇති ලියවිල්ලක් යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.

අප දෙදෙනා අතර ඓතිහාසික හමුවක් පැවැති බව උතුරු කොරියානු නායක කිම් එම අවස්ථාවේදී කීය.

“අතීතය පැත්තකට දැමීමට අපි තීරණය කළා. ලෝකය ඉදිරියේදී විශාල වෙනස්කම් රැසක් දකිවී” යැයි ද උතුරු කොරියානු නායකයා එහිදි පවසා ඇත.

න්‍යෂ්ටික අවිහරණ ක්‍රියාවලිය ඉක්මනින්ම සිදුවනු ඇතැයි සඳහන් කළ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තමන් හා උතුරු කොරියානු නායකයා අතර “විශේෂ බැඳීමක්” ඇති වූ බව ද සඳහන් කළේය. එපමණක් නොව උතුරු කොරියාව සමඟ ඇතිවන සබඳතාව තරමක වෙනස් සබඳතාවක් වනු ඇතැයි ද හෙතෙම කීය.

“මේ හමුවෙන් පසු තවත් බොහෝ බොහෝ බොහෝ දේ සිදු වේවි” ට්‍රම්ප් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *