මේගන් කුමරිය මහ රැජිනට අපහාස වන ලෙස හැසිරෙයි

(කොළඹ, ලංකාපුවත්) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින් හැසිරී ඇති බවට පුවතක් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත. ඒ ඇය අසුන් ගෙන සිටි ආකාරයක් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙන බව සදහන් කරමින් ය.

බකිංහැම් මාලිගයේදී ඊයේ (27) පැවති උත්සවයකදී ඇය මෙලෙස හැසිරී ඇත.

නවක නායකයින් පිළිගනිම සඳහා සුදානම් කර තිබු උත්සවයක් සඳහා දෙවන එලිසබෙත් මහ රැජිණ සහභාගිවී සිටි ඇති අතර ඒ සඳහා හැරී කුමරු සහ මේගන් කුමරියද සහභාගිවී තිබේ. මහ රැජිණට යාබද ආසනයේ අසුන් ගෙන සිටි මේගන් කුමරිය සිය පාදයක් මත අනෙක් පාදය තබාගෙන අසුන් ගෙන සිටි ආකාරය මෙලෙස දෝෂදර්ශනයට ලක්ව ඇතැයි සදහන් ය.

රාජකීය පවුලේ කාන්තාවන් මහජනතාව සහභාගිවන උත්සව වලදී ඇදිය යුතු ඇඳුම් හිස්වැසුම් මෙන්ම හැසිරිය යුතු ආකාරය ගැන නීති මාළාවක් හා සම්ප්‍රදායක් පවතී. සම්ප්‍රදායට අනුව රාජකීය කාන්තාවක් අසුන් ගැනීමේදී සිය පාදයේ වළලුකර මතින් අනෙක් පාදයේ වළලුකර හරස් වන අයුරින් අසුන් ගැනීම නිවැරදි ක්‍රමය වේ.

මේ සම්බන්ධ වීඩියෝවක් ද මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *