කැනඩාවේ අධික උෂ්ණත්වයෙන් මියගිය ගණන12 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබේ. කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට මෙමගින් වැඩිම බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම ප්‍රදේශයට අනතුරු ඇගවීම් ද මීට පෙර නිකුත් කර තිබේ. මේ වන විට මොන්ට්‍රියෙල් ගම්මානයට සෙල්සියස් අංශක 34ක උෂ්ණත්වයක් පවතින බව වාර්තා වේ. එසේ නමුත් එම තත්ත්වය සිකුරාදා වන විට සෙල්සියස් අංශක 24 දක්වා පහළ යනු ඇතැයි අපේක්‍ෂිතය.

දැනට පවතින දැඩි උණුසුම් සහිත දේශගුණය ඉදිරියටත් පැවතිය හැකි බව එරට කාලගුණ අංශ පවසයි.

එසේම පවතින අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් එරට හදිසි ඇමතුම් සේවාව සදහා දිනකට දුරකථන ඇමතුම් 1,200ක් පමණ ලැබෙමින් පවතින බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *