චීනයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් තාප්පයකින් වැටී මරුට

(කොළඹ, ලංකාපුවත්) –චීනයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන වැන්ග් ජිඈන්, ප්‍රංශයේ සංචාරයක නිරතව සිටින අතරතුර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලෝක ව්‍යාප්ත චීන HNA සමාගම් සමූහයේ සම නිර්මාර්තෘ මෙන්ම සභාපතිවරයා ද වන වැන්ග් මිය යන විට 57 වන වියේ පසු විය.

අදාළ සංචාරය අතරතුර ප්‍රංශයේ ප්‍රොවන්ස්හි තාප්පයක් උඩ ඡායාරූපයක් සඳහා පෙනී සිටීමට යාමේදී ඔහු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රංශ පොලීසිය පවසන්නේ, අඩි 50ක් පමණ උස තාප්පයකින් සිය පවුලේ සාමාජිකයින් ද බලා සිටියදී ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි.

වැන්ග් සභාපතිත්වය දරන HNA සමූහය ගුවන්, සංචාරක සහ මූල්‍යමය ක්ෂේත්‍රයේ ලොව විශාලතම ආයතන අතරින් එකක් වන අතර වැන්ග් ලෝක ව්‍යාප්ත බැංකු සමූහ, හෝටල් සමූහ මෙන්ම ලන්ඩනයේ පිහිටි skyscraperගොඩනැගිල්ල ඇතුළු වත්කම් රැසක කොටස් හිමිකරුවෙකු ද වේ.

ලෝක ව්‍යාප්ත මෙම HNA සමූහයේ ඔහු යටතේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 400,000කට අධික ය.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සැක පළ කිරීමක් සිදුකර නොමැති අතර හදිසි අනතුරක් සේ සලකා පශ්චාත් මරණ පරීක්ෂණය ද සිදු කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *