බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉල්ලා අස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස් වි ඇත.

ඒ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් මතු වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේය.

විදේශ ලේකම්වරයා ඉල්ලා අස්වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බ්‍රෙක්සිට්) සම්බන්ධ අමාත්‍ය ඩේවිඩ් ඩේවිස් ඉල්ලා අස්වීමෙන් පැය කිහිපයකට පසුවය.

අගමැතිනි තෙරේසා මේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සම්බන්ධ සිය සැලසුම බොහෝ මන්ත්‍රීවරුන්ගේ කෝපයට හේතු වී සිටින බව එරට වාර්තා සදහන් කර ඇත.

එමෙන්ම බොරිස් ජොන්සන් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ අගමැතිනිය සිය සැලසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විනාඩි 30 කට පසුවයි.

හිටපු විදේශ ලේකම්වරයාට ස්තුතිය පුදකරමින් නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, ඉක්මනින්ම නව විදේශ ලේකම්වරයෙකු පත්කරන බව දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *