සුපිරි කොලිවුඩ් නළු විජයකාන්ත් අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ | ලංකාපුවත්) – සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 71 වැනි වියේ පසු විය.

කොවිඩ් වැළඳීමෙන් චෙන්නායිහි දී ඔහු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විජයකාන්ත් DMDK පක්ෂ නිර්මාතෘ-නායක ද වේ. ඔහු දේශපාලනයට පිවිසීමට පෙර චිත්‍රපට 154කට රංගනයෙන් දායක විය. විජයකාන්ත් 2011-2016 කාලයේ තමිල්නාඩු සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.

ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට තිබෙන අතර ඒ අනුව ඔහු දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙළුණු බවත් සදහන්වේ.

මීට පෙර නොවැම්බර් මාසයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම නිසා විජයකාන්ත් චෙන්නායි හි MIOT රෝහලට ඇතුළත් කර තිබුණි. කැස්ස සහ උගුරේ අමාරුවකින් පෙළුණු ඔහු දින 14ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියේය.

‘කැප්ටන්’ ලෙසින් හඳුන්වනු ලබන විජයකාන්ත්ගේ ජීවිතය දෙමළ චිත්‍රපට කර්මාන්තයේ සාර්ථක කාලපරිච්ජේදයක් සනිටුහන් කෙරේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *