අකුරණ හිටපු ප්‍රා.ලේට වසර පහක බරපතල වැඩසහිත සිරදඩුවම්

(කොළඹ, ලංකාපුවත්) –අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනිෆා මොහොමඩ් නියාස් හට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඬුවමක් අද(19) නියම කළේය.

එසේම ඔහුට රුපියල් පනස් දහසක මුදල දණ්ඩනයක් සමඟ රුපියල් 5000ක දඩ මුදලක් ද නියම කරන ලදි.

2012 වසරේ මැයි මස 16 වන දා කළුගල් ව්‍යාපාරිකයෙකු වෙත පුපුණ ද්‍රව්‍ය බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 50, 000 ක අල්ලසක් ලබාගත් බවට චෝදනා කරමින් අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කර සිටියේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම චූදිතයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද අධිචෝදනා පත්‍රය මත මෙම නඩු විභාගය පැවැත්වුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *