ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙන බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇත. එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇත.

මෙම තහනම බලපැවැත්වෙන්නේ අවුරුදු තුනත් පහළොවත් අතර පාසල් දරුවන්ට බව සදහන් ය.

ප්‍රංශයේ උසස් පාසල්වල වයස අවුරුදු 15 සහ ඊට වැඩි දරුවන්ට මෙම තහනම බලපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.

මෙම නීතිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ මැතිවරණ පොරොන්දුවකි. මෙම නව පනත 62කට 1ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇත.

ඒ අනුව මෙම නීතිය සැප්තැම්බර් මාසයේ දී ක්‍රියාත්මක් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *