බරපතල වංචා දූෂණ නඩු විභාග කරන පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු අධිකරණය අද (21) විවෘත කෙරුණි. ඒ අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

අධිකරණ අමාත්‍යාංශය මගින් මෙය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදීමද සිදු කෙරුණි. ඉන් පසු මෙහි භාරකාරත්වය අගවිනිසුරුවරයා සතු වේ.

විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි 09 වනදා ය.

මැයි 18 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබීය. ඒ අනුව දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීමයි අද සිදු කෙරුණි.

දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමිවේ. අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම මෙම මහාධිකරණය තුළින් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *