මාව වට්ටන්නත් බෑ ,නැතිකරන්නත් බෑ – එස්.එම්.මරික්කාර්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කොටුවේ බෝගහ කපා ඉවත් කර, එම ස්ථානයේ වෙළද සංකීර්ණය පුලුල් කිරීමට තමන් යෝජනා කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා මේ වන විට පැතිර යන පුවත කිසිසේත්ම නිවැරදි නොවන බවත් එය පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කරන ලද්දේ තම නිල ෆෙස්බුක් ගිණුම මගින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන්ය.

විශේෂයෙන්ම කොළඹ කොටුව අයිති වෙන්නේ මැද කොළඹට බවත් සුපර් මාකට් එක අයිති වෙන්නේ කොළඹ මහානගර සභාවටත් නිසා තමන් මේ පිළිබදව කිසිම දෙයක් නොදන්නා බවට මෙන්ම අදාළ නැති බවත්, තමන් මන්ත්‍රීවරයෙකු වීමට ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානියා ලෙස කටයුතු කරන සමයේදී පවා විහාරස්ථාන දියුණු කිරීමට මෙන්ම ලංකාවේ ප්‍රථම වරට රැ එළිවන තුරු ගුවන් විදුලියේ පිරිත් ප්‍රචාරය කිරීමට කටයුතු කළ බවත්, දැන් මන්ත්‍රීවරයෙකු ලෙසද ඉරිදා දිනයේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ එකම මන්ත්‍රීවරයා වන බවත් , මේ වගේ මඩ ප්‍රචාර මගින් විහාරස්ථාන දියුණු කරන්න, සම්බුද්ධශාසනයේ දියුණු කරන්න තමන්ගේ තියෙන කැපවීම නැති නොවන බවත්, මෙවැනි මඩ ප්‍රචාර වලින් තමන්ව වට්ටවන්න සහ නැතිකිරිමට නොහැකි බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *