පේරාදෙණිය සරසවියේ සිද්ධිය ගැන පරීක්ෂණ දෙකක්

(කොළඹ, ලංකාපුවත්) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නවක වදය සිදුකළ ජ්‍යෙෂ්ඨ සිසුවියක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇයගෙන් පහරකෑමට ලක්වූ නවක සිසුවියන් තිදෙනෙක් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය 22වනදා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයේ සංඝමිත්තා නේවාසිකාගාරයේදී.

රෝහල් ගතවීමෙන් පසු ඔවුහු රෝහල් පොලීසියට පැමිණිලි කළහ.

ඒ අනූව, පරීක්ෂණ ඇරඹූ පොලීසිය සැකකාර සිසුවිය අත්අඩංගුවට ගත්තේය. ඇය කලා පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. සැකකාරිය අද(05) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය මඟින් එක් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන අතර පොලිසියට ලද පැමිණිල්ලක් අනුව තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *