අමෙරිකාවේ හිම පතනය හා සුළි කුණාටු හේතුවෙන් ජන ජීවිතයට බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාවේ ගිනිකොන දිග ප්‍රදේශයට බලපා ඇති හිම පතනය හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ජන ජීවිත අඩාල වි තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 1600 ක් පමණ අවංලගු කර ඇතැයි වාර්තාවේ. නිවාස තුන්ලක්ෂ අසූදහසකට අධික සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇති බව සදහන් ය.

එසේම අයහපත් කාලගුණයත් සමග වාර්තා වී ඇති අනතුරු සංඛ්‍යාව 60 කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඇතැම් ප්‍රදේශවලට අනතුරු ඇගවීම්ද නිකුත් කර තිබේ.

මහා මාර්ග ද හිමෙන් වැසී පැවතීම හේතුවෙන් ගමනාගමනයට බාධා පැමිණ ඇත.

බලධාරීන් ඉල්ලා සිටින්නේ, හැකි තරම් නිවාස තුළට වී සිටින ලෙසයි. ඇතැම් ප්‍රදේශවලට අඩි 12ක තරම් ඝනකම් හිම පතනයක් වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *