මත් ජාවාරම්කරුවන්ට දඬුවම් දෙන දින ජනපති තීන්දු කරයි

(කොළඹ, ලංකාපුවත්) –නීතිවිරෝධි මත්ද්‍රව්‍යවලට එරෙහි සියලු නීති රීති මේ වන විට ශක්තිමත් කර තිබෙන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳ දින වකවානුද මේ වනවිට තීරණය කර අවසන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (31) මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙම සටන තමා දියත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමයේ සිටම බවත් තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට හැකි වූ බවත් කියා සිටියේය.

එසේම රට වෙනුවෙන් වූ එම වැඩපිළිවෙළ සමග සමස්ත පොදු ජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් අත්වැල් බැඳගෙන අවසන් බවද මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *