චෙන්නායි හී උග්‍ර ජල හිඟයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ හයවැනි විශාලතම නගරය ජල හිඟය හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ.

මදුරාසිය නමින් හැඳින් වූ දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ ප්‍රධාන ජලාශ හතරම සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇත. ඊට විසඳුමක් ලෙස රජයෙන් බෙදා හරින ජලය ලබා ගැනීම සඳහා ජනතාව පැය ගණන් පෝලිම් වල බලා සිටින බව වාර්තා වේ. ජල හිඟය හේතුවෙන් නගරයේ හෝටල් සහ ආපන ශාලා පවා වසා දැමීමට සිදුව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ බලධරයකු විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ මෙම තත්ත්වයෙන් චෙන්නායි නගරය බේරා ගත හැක්කේ වර්ෂාවට පමණක් බවයි.

ප්‍රවාහන මධ්‍යස්ථානයේ වායු සමීකරණ ක්‍රියා විරහිත කර ඇති අතර ඔවුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවසර දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *