බුදුපිළිමවලට හානි කිරීම සහ පාස්කු ප්‍රහාරය: වාර්තා ඉදිරිපත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) – වසර 2018 මැද භාගයේදී සිදුවුණු මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදුකිරීමට අදාළ සිදුවීම හා පාස්කු ඉරිදා සිදුවුණ බෝම්බ පිපිරීමේ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙන් වෙන්ව පවත්වා‍ෙගන යන විමර්ශන සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ නොපමාව වාර්තා ඉදිරිපත් කරන ලෙසට නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ (18) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව දැනුම් දුන්නේය.

මේ සම්බන්ධව විමර්ශන අදාළ අංශ දෙක සිදුකරගෙන යන බවට නීතිපතිවරයාට දැනගන්නට ලැබී තිබේ. ඒ අනුව මෙම ලිඛිත දැනුම්දීම සිදුකර තිබේ.

ජාතික තවුහිද් ජමාත් සංවිධානය සහ තහනම් කැර තිබෙන මූලධර්මවාදී හා අන්තවාදී ඉස්ලාම් විරෝධී සංවිධාන පිළිබඳ සහ එහි සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තවදුරටත් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යන ලෙසට දන්වමින් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (18) ලිඛිත උපදෙස් ලබා දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාට යැව් ලිඛිත උපදෙස් සහ ලිඛිත දැනුම්දීම්වල පිටපත් ජනාධිපති ලේකම්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් නීතිපතිවරයා ඊයේ යොමු කළ බව දිනමිණ කළ විමසීමකදී නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *