පාසල් නිවාඩු සමයේ විශේෂ දුම්රිය සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් නිවාඩු සමයේ සංචාරයේ යෙදෙන මඟින් සඳහා කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව,2019/08/6,8,10,12,14,16,18,20,22 ,24,26,28,30 හා සැප්තැම්බර් 01 වෙනි දින දක්වා කොළඔ කොටුවේ සිට පෙ.ව 07.10ට බදුල්ල බලා දුම්රිය ධාවනය වේ.

එමෙන් ම 2019/08/07,09,11,13,15,17,19,21,23,25,27,29,31 හා සැප්තැම්බර් 02 වන දින බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඔ කොටුව බලා පෙ.ව 07.30 ට දුම්රිය පිටත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන් ම සති අන්තයේ මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානයේ දක්වා පෙ.ව 07.40ට ධාවනය වන අංක 1027 දරන දුම්රියත්,ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මහකනුවර දුම්රිය ස්ථානය දක්වා ප.ව 02.15 ට ධාවනය වන අංක 1028 දරන වායු සමනය කළ සිඝ්‍රගාමි දුම්රිය 2019/08/10 වන දින සිට 14 වන දින දක්වා ධාවනය කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

මිට අමතරව කන්ද උඩරට ඇසළ මංගල්‍යය වෙනුවෙන් ද මෙම දුම්රිය සේවා මඟී ජනතාවට භාවිතා කිරීමට අවස්ථාව සැලසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *