අඩු මිලට සහල්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා ගොවීන්ගෙන් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් පනස්දහසක ප්‍රමාණයක් දිස්ත්‍රික් සමූපකාර සංගම් සඳහා මුදා හැර තිබේ.

ඒ හේතුවෙන් සහල් මිල පහළ යනු ඇති බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමය සඳහන් කරයි

සහල් මිල පාලනය කිරීමේ අරමුණින් මෙම වසරේ මහකන්නයේ වී අස්වනු විශාල ප්‍රමාණයකින් මිලදී ගැනීමට රජය කටයුතු කළේය. එම වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 50000 ක වී තොගයක් දිස්ත්‍රික් සමූපකාර සමිති සඳහා මුදා හැරීමට පියවර ගැනුණි.

විශේෂයෙන් මීට පෙර පෞද්ගලික අංශයට ලබා දෙන වී තොග ද මෙවර සමූපකාර සමිති සඳහා ලබාදී තිබේ. ඒවා ‘ශක්ති සහල්‘ නමින් නාඩු සහල් කිලෝවක් රුපියල් 80 ක මිලකටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක මිලටත් වෙළඳපොලේ අලෙවි කිරීමට කටයුතු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *