ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 103 ක්

(කොළඹ, ලංකාපුවත්) –ගතවූ පැය 24 කාලය තුළ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමස්ත පැමිණිලි 103 ක් වාර්තාවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම පැමිණිලි ලැබී ඇත්තේ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට හා දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට ය. පසුගිය 08 වනදා සිට මේවන විට වාර්තාවී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 1237 කි.

ඒ අතර නීති උල්ලංඝණය කිරිම් 1184 ක් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *