යාපනය සරසවියේ වෛද්‍ය පීඨ සිසුවියක් ඝාතනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නේ කලපුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කර ඇත.

ඇයගේ පෙම්වතා බවට සැක කරන පුද්ගලයෙකු විසින් අදාළ ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

ඝාතනයට සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. යාපනය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *