කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 213ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 9700 කට ආසන්න වේ.

චීනයේ ප්‍රාන්ත 31 පුරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇත.

කොරොනා වෛරසයට එන්නතක් සොයාගැනීම වෙනුවෙන් අවශ්‍ය පරීක්ෂණ සඳහා චීනයේ ධනවතෙකු වන අලි බාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් ඩොලර් මිලියන 14.4 ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *